Institute for Research & Development in Health & Social Care

Book

පර්යේෂණ ක්‍රියාවලිය හඳුනා ගනිමු

Kodituwakku, G.

February 2020.

සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය | Institute for Research & Development in Health & Social Care.

ISBN: 978-955-8973-08-0

doi:

මිල: රු 330.00

පර්යේෂණ ලෝකයට පිවිසෙන ආධුනිකයන් වෙනුවෙන් ලියැවුණු කෘතියකි.  තේමා පහක් ඔස්සේ පර්යේෂණ ක්‍රමවිද්‍යාව ගැන අවබෝධය ලබා දෙන කෘතියකි. පර්යේෂණ සංකල්පය සහ දැනුම ලබා ගැනීමේ ලා පර්යේෂණවල විශේෂත්වය පළමු පරිච්ඡේද හයෙන් විස්තර වේ. දෙවනුව, දැනුම් හිඩැස හදුනා ගැනීම, පර්යේෂණයට තාර්කිකය ගොඩ නඟා ගැනීම, පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය, පර්යේෂණ ප්‍රශ්න හෝ පර්යේෂණ අරමුණු හෝ පර්යේෂණ කල්පිත ගොඩ නගා ගැනීම සහ පර්යේෂණ ආචාරධර්ම ගැන අවධානය යොමු වේ. තෙවනුව, පර්යේෂණ ක්‍රමයක් තෝරා ගැනීමේ පියවරට පැමිණීම හා ඊට සම්බන්ධ පර්යේෂණ ප්‍රවේශ, පර්යේෂණ සුසමාදර්ශ, පර්යේෂණ ක්ෂේත්‍ර යන සංකල්ප පැහැදිලි කෙරෙයි. සතරවනු ව, ක්‍රියාමූලික පර්යේෂණ ඇතුඵ පර්යේෂණ ක්‍රම 19ක් විස්තර කරනු ලැබේ. පස්වනු ව මිශ්‍ර පර්යේෂණ සහ පර්යේෂණ මිශ්‍ර කිරීමට භාවිත කළ හැකි විවිධ මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම්  ගැන පැහැදිලි කෙරෙයි. ප්‍රතිපත්තිය, ගීතය වැනි විවිධ ක්ෂේත්‍ර අනුව කළ හැකි පර්යේෂණ ගැන ද  විස්තර වේ. අවසන් වසයෙන් පර්යේෂණ ක්‍රියාවලියේ ඊළඟ පියවර වන දත්ත ඒකරාශී කිරීමට සම්බන්ධ, නාභිගත කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා ගැන හඳුන්වා දෙනු ලැබේ. මේ කෘතියේ දෙවන කොටසින් පර්යේෂණ ක්‍රියාවලියේ ඉතිරි පියවර විස්තර කිරීමට අපේක්ෂිතයි.

Full Text

Purchase

Online

PDF